කොරෝනා වැළඳීමට සලස්වා එන්නත් ලබා දී පරීක්ෂා කිරීමේ භයානක ක්‍රමයක්.

Covid-19
By Thaya Feb 18, 2021 07:51 PM GMT
Thaya

Thaya

Report

නිරෝගී මිනිසුන්ට කොවිඩ් 19 වෛරසය වැළඳීමට සලස්වා ඉන් අනතුරුව එන්නත් ලබා දී පරීක්ෂා කිරීමේ අත්හදා බැලීමක් සිදු කිරීමට එක්සත් රාජධානිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිරෝගී මිනිසුන් කොවිඩ් රෝගයට කෘත්‍රීමව නිරාවරණය කර ඉන් අනතුරුව ඔවුන් වෙත කොවිඩ් එන්නත ලබාදී එහි සාර්ථකත්වය පරීක්ෂාකිරීමට නියමිතයි. මෙම පරික්ෂාව සඳහා වයස අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගැණෙන අතර ඉදිරි මාසයක කාලය ඇතුළත මෙම පරීක්ෂාව ආරම්භ කිරීමට වියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 90කින් සමන්විත මේ කණ්ඩායම ස්වේඡාවෙන්ම අදාළ අත්හදාබැලීම මඟින් කොවිඩ් රෝගය පාලනය පිළිබඳ නැවුම් මානයන් රැසක් විවෘත වනු ඇතැයි අපේක්ෂිතයි.