බස් රියදුරන්ට මුහුණු ආවරණත් නෑ - මගීන්ට ආසනත් නෑ
කොවිඩ් පාලනය සඳහා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කිසිවක් අනුගමනය නොකරමින් දඹුල්ල නගරයේ බස් රථ පාසල් සිසුන් සහ මගීන් ප්‍රවාහනය කරමින් ඇති බව වාර්තා වේ. මගී ජනතාව පවසන්නේ, මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් ඊට නොලැබුණු බවය.
දඹුල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ සිටම පෞද්ගලික සහ ලංගම බස් රථවල ද ආසන ගන්නට වඩා මගීන් රැගෙන යෑම සිදුකරන බවද 'අද දෙරණ' වාර්තාකරු පැවසීය. ඊට විරුද්ධවන මගීන්ට බස් රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරුන්ගෙන් විවිධ හිංසා හිරිහැර සිදුවන බවද වාර්තා වේ. ඇතැම් බස්රථ රියදුරන් මුහුණු ආවරණ පවා නොපැළඳ මගීන් ධාවනය කරමින් සිටී.
මගී ජනතාව පෙන්වා දෙන්නේ බස් රථ රියදුරන් විසින් ඉතා සූක්ෂමව බස් රථයට හිමි වේලාවන් ප්‍රමාද කරමින් ආසන ගණනට වඩා මගීන් රැගෙන යමින් ඇති බවය.
රට පුරා යළිත් කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමේ තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති අවස්ථාවකදී පවා බලධාරීන් මේ පිළිබඳව අවධානයක් නොදෙමින් කටයුතු කිරීම කණගාටුවට කරණක් බව මගී ජනතාව වැඩිදුරටත් පවසා සිටී.