තවත් දිස්ත්‍රික්කයක දෛනික ආසාදිතයන් ගණන එකවරම වැඩි වේ.

Covid-19
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Report

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වරට දිනක් තුළ කොවිඩ් -19 ආසාදිතයින් 100කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ (30) දිනය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 108 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඉන් ආසාදිතයින් 22 දෙනෙකු පන්නල ප්‍රදේශයෙන් වාර්තා වන අතර අලව්ව සහ මාවතගම යන ප්‍රදේශවලින් ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් 848 දෙනා අතරින් 157ක් දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 136 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82 දෙනා බැගින් වාර්තා වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.