ගස් කැපුවා කියල ඔක්සිජන් අඩු වෙන්නේ නෑ….! ගස් නැති සහරාවෙත් මිනිස්සු හොඳට හුස්ම ගන්නවා…! – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

Oxygen
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සඳහන් කරයි. ඔහු මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ඔහු පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා ප‍්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉඳි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැතැයි ද ඔහු පැවසීය. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ගස් කපලා ඔක්සිජන් අඩු කරන්නට නොහැකි බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.