විදුලි ජනක කොටස් මුවාවෙන් ගෙනා මෝටර් රථ තොගයක් රේගුවට මාට්ටු ?..

Cars Imported
By Thaya Jan 13, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

සිිංගප්පුරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් 55 000 000/-, ක් වටිනා කමකින් යුතු මෝටර් රථ 12 ක් රේගු අවදානම් කළමණාකරන ඒකකය (Risk Managament Unit)මගින් පසු ගියදා රේගු භාරයට ගෙන තිබේ.

මෙම රථවාහන පසුගිය දෙසම්බර් මස 23 දින සිංගප්පුරුවේ සිට මෙරටට බහලුම් තුනක ගෙන්වා ඇත්තේ නෞකාභාර පත්‍රයේ විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස සදහන් කරමින් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.

බහාලුම් වල බර කිලෝග්‍රෑම් 12,140 කි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් භාණ්ඩ ආනයනය කර ඇති අතර රේගු විමර්ශන අතර තුරදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙනතිබේ. පසුව එම සැකකරු කොළඔ මෙහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේමස 20 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලදි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් එස් .ආනන්ද ඊශ්වරන් ,රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස් .චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත,නියෝජ්‍ය රේගු අධ්‍යකෂ සුදත්ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත,රේගු අධිකාරී මහින්ද සිරිවර්ධන ,නිශාන්ත මිරිහාගල්ල,සහකාර රේගු අධිකාරී වරුන්වන කැලුම් තුෂාර ,ඉදුනිල් බණ්ඩාර,පසිදු මදනායක,පුලස්ති ලක්ශාන් තරිදුපරණමාන යන නිලධාරිහු සිද්ධිය පිළිබදව වැඩි දුර විමර්ශන පවත්වති.

GalleryGalleryGallery