“යාස්” සුළි කුණාටුව ලංකාවට බලපාන හැටි ගැන කාලගුණයෙන් දනුම්දෙයි
ලබන 24 වනදා වනවිට ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්වය සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම සුළි කුණාටුව “යාස් ” ලෙස නම් කර ඇති අතර එය වයඹ දෙසට ගමන් කරමින් ලබන 26 වනදා ඔඩීෂා – බටහිර බෙංගාල වෙරළ තීරයට ළඟා වන බවයි කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.
ඒ, හේතුවෙන් ඊසානදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. කෙසේ නමුත් සුළු කුණාටුවේ බලපෑමෙන් පවතින වැසි තත්වයේ ඉහළ යෑමක්ද අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ. එමෙන්ම ඉදිරි කාලයේදී දිවයිනේ සහ මුහුදු ප්‍රදේශවල සිදුවන කාලගුණික වෙනස්වීම් පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |