අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසක් දැඩි අවදානමේ - විශේෂ දැනුම් දීමක් (VIDEO)
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් විශේෂ අවදානම් සහිත තත්වයක් උද්ගත වී ඇති අතර හි දැනට පවතින තත්වය 4.0 දක්වා වාර්තාවී ඇත. ඒ අනුව, එම ගංගා අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද එම මධ්‍යස්ථානය දන්වයි.
මේ අතර අද (13) රාත්‍රියේ දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 200 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය සහ යාබඳ ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ හේතුවෙන් නිරිත දිග කොටසේ විශේෂයෙන් දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී. අද උදෑසන 8.30 සිට ප.ව 4.30 දක්වා වු කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 190ක් ලෙසය.
තවදුරටත් මේ වන විටත් දැඩි සුළං සහිත තත්ත්වයක් මහරගම ,නුගේගොඩ ,වත්තල, කලුතර , මහනුවර , නුවර එලිය , ගම්පහ යන ප්‍රදේශවලින් දැනටමත් උද්ගත වී ඇති බවට තොරතුරු ගගන අප වෙත වාර්තා වී තිබේ. පවත්නා තත්ත්වය හේතුවෙන් දැඩි අවධානයෙන් යුතු බව කලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අවදානම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අාපදා කළමණාකරන අමාත්‍යංශයෙන් ජනතාව වෙත ලබා දෙන පණිවිඩය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |