කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

heavy rain lightning weather department thounder haricane
By Sewvandhi May 24, 2021 12:35 PM GMT
Report

දිරි පැය 24 තුලදී බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මධ්‍යම, උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි අතිවනවිට සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට නැගෙනහිර මධ්‍යම බෙංගාල "යාස්" සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ දරුණු සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery