කාළ ගුණය අවදානම්. අවදානයෙන් සිටින්න

sri lanka natural disasters disasters ministry Critical whether වෙදර් department
By Sithumi May 23, 2021 11:01 AM GMT
Report

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය හේතුවෙන් හෙට (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩි වීමක් ද බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට හෙට දිනයේ මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන අතර 25 සහ 26 යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු ඉතා තද වැසි අපෙක්ෂා කෙරේ.

වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

එමෙන්ම ආපදා කළමනාකරණ කලමනාකරන දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now




GalleryGallery