පාසල් සිසුවියකට මත්පැන් පොවා දූෂණය කර සිදු කළ අපරාධ

Crime
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

පාසල් සිසුවියකට මත්පැන් පොවා ඇය අවසිහියෙන් සිටියදී දූෂණයට ලක් කර විවාහ කරගෙන ඇතැයි කියන පුද්ගලයකු හා එම සිසුවිය පෙරේදා බෙන්තොට ප්‍රදේශයේ දී සැක පිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පවසයි.අත් අඩංගුවට පත්ව ඇත්තේ බෙන්තොට ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකි.මෙම සිද්ධියට අදාළ සිසුවිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අ.පො.ස. උසස් පෙළ හදාරමින් සිට ඇති අතර මෙම තරුණයා සමඟ වසර තුනක පමණ සිට පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් පොලිසිය කියයි.සිසුවියගේ පාර්ශ්වයෙන් මෙම සම්බන්දයට විරෝධය දැක්වීම නිසා මීට පෙර අවස්ථා කිහිපයකදීම මිනිසුනට හොරෙන් විවාහ වීමට සිසුවිය ගෙන් විමසුවද ඇයට අධ්‍යාපනය ලැබීමට ඇති අවශ්‍යතාව නිසා ඊට කැමැත්තක් නොදැක්වූ බව සිසුවිය පොලිසියට පවසා ඇත.විදේශ රටක සේවයේ යෙදී සිටින මව නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණෙන විට දියණිය නිවසේ සිට නැත.එම නිසා මව බෙන්තොට පොලීසියට ගොස් තමාගේ දියණිය කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.එම පැමිණිල්ලට අනුව පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූ අතර යාත්‍රාමුල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කර ත්‍රීවිල් රථයක් පරික්ෂා කිරීමේදී පාසල් සිසුවිය සමග ගමන් ගත් සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙම තරුණයා සිසුවිය බලහත්කාරයෙන් ත්‍රීවිල් රථයකට නංවාගෙන ප්‍රදේශයෙන් පලා යන්නට උත්සාහ ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්.වීරවංශ මහතාගේ උපදෙස් පරිදි බෙන්තොට පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ශිත වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.පී ප්‍රේමතිලක,පොලිස් සැරයන් පියසෝම හා කාන්තා පොලිස් කොස්තාපල් නන්දනී යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

පිටිගල -ධම්මික ප්‍රසාද් සම්පූර්ණ උපුටාගැනීම උපුටා ගැනීම 'මව්බිම' පුවත් පතෙන්