ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි ගිහි ජීවිතයට සමු දී පැවිදි දිවියට ?

Dhoni
By Thaya Mar 15, 2021 08:36 PM GMT
Thaya

Thaya

Report

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි . ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා. එමෙන්ම මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ක්‍රීඩා පිටිය තුළ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන පුද්ගලයෙක්. ඔහුගේ මේ ගති ලක්ෂණය නිසාම බොහෝ අය ඔහුව අනුකරණය කිරීමට පවා පුරුදු වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් දෝණි, කෘෂිකාර්මික කටයුතුවල පවා නිතර වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර 2021 වසරේ පැවැත්වීමට නියමිත අයි.පි.එල් තරගාවලිය අදාළ පුහුණුවීම් සඳහා ඔහු මේ වනවිට චෙන්නායි වෙත පැමිණ ඇති බව ද සඳහන්. ඉතිං මේ සියලු දේවල් අතර දෝණීගේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න ගන්නවා. ඒ් වනයක් තුළ භාවනා කරන ඡායාරූපයක්. හිස කෙස් මුඩු කර සිවුරක් ආකාරයේ රෙදි කැබැල්ලකින් සිරුර ආවරණය කරගෙන සිටින ආකාරයක් එහි දැක්වෙනවා. කෙසේ වෙතත් අදාළ ඡායාරූපය කුමන හේතුවක් මත ගන්නා ලද්දක් ද කියලා කිසිම ස්ථානයක සඳහනක් නැහැ.

ReeCha