කොටුගොඩ මහා නාහිමි ආදාහන පූජෝත්සවය අද

Cremation
By Thaya Mar 25, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

කොටුගොඩ මහා නාහිමි ආදාහන පූජෝත්සවය අද - පස්වරුවේ කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්අපවත්වී වදාළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි. ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි. අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව පස්වරු 03 ට පමණ ආදාහන පූජෝත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමරපුර පාර්ශව සංඝ සභාවේ ප්‍රධාන ලේකඛාධිකාරී පූජ්‍ය බටපොල මේධානන්ද ස්වාමීන් වහන්සේ.අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දිනය රජය විසින් ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී විහාරස්ථානවල, රාජ්‍ය ආයතනවල හා නිවෙස්වල කහ කොඩියක් ඔසවා තබන ලෙසටයි පූජ්‍ය බටපොල මේධානන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී ඉල්ලා සිටියේ.ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් මෙන්ම සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් වසා තැබෙනවා