වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ 08ක් හුදකලා කෙරේ...එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Covid Corona Colombo Lockedown
By Aruna Apr 26, 2021 09:27 AM GMT
Aruna

Aruna

Report


දිස්ත්‍රික්ක 03ක පොලිස් බල ප්‍රදේශ 04ක් අද (26) රාත්‍රී 08.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සහ මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ මිරිස්වත්ත, පැලවත්ත උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස ද එලෙස හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ පූම්පුහාර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙනු ඇත. මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරෙනු ඇති.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi