ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දැනුම් දීමක්
ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අයෙකු දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ තෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට ගර්භනී මාතාවන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම සුදුසු බවට ප්‍රතිශක්තීකරණය පිළිබද උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.
ඔවුන්ට එන්නත ලබාදෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ.
එමෙන්ම කිරි දෙන මව්වරුන් සඳහා ද කොරෝනා එන්නත් ලබා ගැනීම ගැටළුවක් නොවන බවද ඇය වැඩ්දුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |