අනුමත කළ කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ කියයි.

who protection covid vaccine padma gunarathna approved
By Sewvandhi May 08, 2021 05:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර ඇත . එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන පරිදි දැනට අනුමත සෑම එන්නත්කින්ම 65% ට වැඩි ආරක්ෂාවක් සලසන අතර එන්නත ලබාගත් අයට වෛරසය ආසාදනය වුවද එ වැනි අයට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍යතාවක් මතු නොවන බවයි.

එම නිසා මේ මොහොතේ වැදගත් වන්නේ එන්නත ලබා ගැනීම වන හෙයින් ලැබෙන පළමු අවස්ථාවේම මේ කුමන එන්නතක් හෝ ලබාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය උපදෙස් දෙයි.

එන්නත් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක බියක් තබාගත යුතු නැති අතර රට තුළ භාවිතා වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් වන නිසා රෝගයෙන් ආරක්ෂාවීමට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එන්නත ලබා ගැනීමට පසුබට නොවන ලෙස ද ඇය ජනතාවට පවසයි . 

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now