ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට මිලක් නියම කෙරේ

covid19 vaccination AstraZeneca second dose dr.naveen de soisa
By Sewvandhi May 20, 2021 02:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා රුපියල් 5000ක මුදලක් අයකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ අනාවරණයක් සිදුකලා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ එම කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තම සංගමය සතු බවයි.

අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සඳහා මේ වනවිට ඇත්තේ සීමා සහිත තොගයක් බවයි. එය 50,000ට වඩා අඩු බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව එන්නතේ දෙවන මාත්‍රාව සඳහා ඇති ඉල්ලුම මුදලට විකිණීමේ කිසියම් ජාවාරමක් ක්‍රියාත්මක වනවාද යන්න සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ බවද වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now