කොළඹ ආසාදිතයින් ඉහළට - දිස්ත්‍රික්ක 22කින් රෝගීන් වාර්තා වෙයි

covid19 colombo kurunegala kaluthara dr sudath samaraveera
By Sewvandhi Apr 25, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිතයන් 895 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබේ. දිස්ත්‍රික්ක 22 කින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 218 කි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල, තලංගම, කොටුව, කොට්ටාව සහ මොරටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

දෙවැනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව150 කි.

ඉන්පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

විදේශයන්හි සිට පැමිණි 15 දෙනෙකු ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්ය. ඊයේ දිනයේ මෙරට තුළ සිදුකළ PCRපරීක්ෂණ සංඛ්‍යාව 5,159 කි. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ නැවතත් දෛනික රෝගීන් 800ක් 900ක් වාර්තා වෙමින් ඇති බවය.

"දිනපතාම නැවතත් රෝගීන් වාර්තා වීම 800ක් 900ක් පමණ සිදු වෙනවා. ඉදිරි සති 2ක තුළ දී රෝගීන් වැඩිවීමේ අවදානම ඉතාමත් තදින්ම තියෙනවා. මේ අවස්ථාවේ කරන්න පුළුවන් දේ තමා සියලුම දෙනා හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ නිවසටම වෙලා සිටිම. අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න. බොහෝ දෙනා මේ දවස්වල තමන්ගේ නිවෙස්වල හිතවතුන් සමග සාද පවත්වනවා. නොයෙක් විදියට එකතු වෙනවා. මේ සෑම දෙයක්ම ඉතාමත් අවදානම් තත්ත්යක් කියන එක සැළකිල්ලට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා." යනුවෙන් ද ඔහු පැවසීය.

මේ අතර වෙසක් පොහොය නිමිති කරගෙන පිරිස් ඒකරාශී වන අන්දමේ වැඩසටහන් සංවිධානය නොකරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වෙසක් උත්සවය ආගමික වතාවත්වලට පමණක් සීමාකරන ලෙසය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "දැනට පවතින තත්ත්වය අනුව තැනින්තැන අනු පොකුරු රාශීයක් වර්ධනය වෙමින් පවතිනවා. එම නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මහජතාවගෙන්, වෙසක් උත්සවය නිමිති කරගෙන දැන්සැල් පැවැත්වීම සහ මහජනතාව ඒකරාශී වන ස්ථාන සංවිධානය කිරීමෙන් වළකින ලෙසට. දැනට රට තුළ පවතින නිරෝධායන නීති අනුවත් මහජනතාව එකරාශී වන කිසිදු අවස්ථාවක් සංවිධානය කිරීම තහනම්. ආගමික ස්ථානවල සිදු කරන්න පුළුවන් වන්දනාමාන කිරීම පමණයි. විශේෂයෙන් ආගමික උත්සව කිසිවක් සංවිධානය කරන්න බෑ." යනුවෙනි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb