මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය භයානකයි - විශේෂඥ වෛද්‍යවරු

COVID19 CHINESE SPECIAL DOCTORS SARS-Cov2 VIRUS MINUVANGODA
By Sewvandhi Apr 23, 2021 03:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. මේ වනවිටත් එම වෛරස් ප්‍රභේදය කොළඹ නගරයේ ස්ථාන රැසකින්ම හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වු SARS-Cov2 වෛරසය නිසා පළමු කොවිඩ් රැල්ලේ දී අමෙරිකාව සහ යුරෝපයේ රටවල් රැසක් අඩපණ වුණි. මෙම වෛරසය අවස්ථා කිහිපයකදී විකෘතියකට ලක්වීම හේතුවෙන් ජීවිත දහස් ගණනක් බිලිගනු ලැබීය. ඒ අතුරින් එක්සත් රාජධානියෙන් හඳුනාගත් B.1.1.7 ප්‍රභේදයත් දකුණු අප්‍රිකාවෙන් B.1.351 නම් ප්‍රභේදයත්, බ්‍රසීලයෙන් හඳුනාගැනුණු P.1 නම් ප්‍රභේද මගින් පළමු රැල්ලේ දී අඩපණ නොවු රටවල් රැසක් දෙවන රැල්ලේ දී අඩපණ වී තිබේ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මසදී ඉන්දියාවෙන් සොයාගනු ලැබූ B.1.617 ප්‍රභේදය ද්විත්ව විකෘතියකට ලක්වු ප්‍රභේදයක් වන අතර එම වෛරස ප්‍රභේදයට සමස්ත ඉන්දියාවම අඩපණ කිරීමට මේ වනවිට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේ දී හඳුනාගත් B.142 ප්‍රභේදයට වඩා මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ලේ දී හඳුනාගත් ප්‍රභේදය ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ පැතිර ගිය ප්‍රභේදයට සමාන විය.

කෙසේවෙතත් අද වනවිට පළමු රැල්ලටත්, දෙවන රැල්ලටත් වඩාත් බියකරු බවක් ගෙනඑමින් නව ප්‍රභේදයක් මෙරට පුරා පැතිරෙමින් පවතින අතර එය විද්‍යාඥයින් අනුමාන කරන්නේ බ්‍රිතාන්‍යයේ පැතිරයන B.1.1.7 කොවිඩ් ප්‍රභේදයට සමානතාවයක් දක්වන බවය. කෙසේවෙතත් මේ දිනවල මෙරට පැතිරයන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් රෝගීන් විශාල පිරිසකට ශ්වසන ආබාධ ඇති අතර ඔවුන්ටද ඔක්සිජන් සැපයීමට සිදුව තිබේ.

මේ අතර මේ දිනවල පැතිරයන වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණවල ද වෙනසක් සිදුව තිබේ. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ, "මෙන්න මේ S - ඩ්‍රොප් වෛරස් එක අපි මුළින්ම දකින්නේ නොවැම්බර් මාසේ වැල්ලවත්තේ එක්කෙනෙක්ගෙන්.

ඊට පස්සේ දෙසැම්බර් මාසේ තව එක්කෙනෙක්ගෙන් අපි දකිනවා. නමුත් තනිකරම අහඹු සෙල ඊයේ දිනයේ සිදුකරන ලද 73න් 8ක් පොසිටිව් බවට පත් වෙනවා. මේ 8 දෙනාම S - ඩ්‍රොප් කියන ලද වෛරස් කාණ්ඩයට අයත් අය. ඉන් සමහර අය හුස්ම ගැනීමේ අපහසුතා එක්ක ඉන්නේ

." එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ, "සමහර අයට උගුරේ අමාරුව නැතුවත් ඉබේම නියුමෝනියා තත්ත්වයට භාජනය වෙනවා. සෑම උණ තියෙන එක්කෙනෙක්ම, කැස්ස සහ හදිසියේ ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුතා තිබෙන සෑම අයෙක්ම හැකි විගස වෛද්‍ය උපදෙස් ලබාගැනීමට රෝහල් කරා පැමිණීම ඉතා වැදගත් වෙනවා."