කොරෝනා එන්න කලින් ලෙඩ ගොඩක් පෙන්නනවා – රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයෙකු පළමු වරට හෙළි කරයි

vomiting niroshan premarathna headCHE sem nuts diarrhea
By Sewvandhi May 08, 2021 06:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛරසය පලමු දවසේ ඇඟට ඇතුළු වූ විට දවස් තුනක් දක්වා ඒ රෝගය පළමු අදියරය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

එවිට එම රෝගයේ සිතන්නේ නැති රෝග ලක්ෂණ බහුල නැති රෝග ලක්ෂණ මේ රෝගයේ පැමිණිය හැකි බවද පෙන්වා දෙයි.

ශරීර වේදනාව, ඇස්වල හට ගන්නා වේදනාව, හිසරදය, වමනය, පාචනය, නාසය හිරවීම, නාසයෙන් හොටු දියර ගැලීම, ඇස් දැවිල්ල, වියලි කැස්ස කොරෝනා වෛරසයේ රෝග ලක්ෂ බව ඔහු සඳහන් කරයි. වියලි කැස්ස ලාක්ෂණික බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ කොරෝනා සමඟ එන කැස්ස වේලුනු කැස්සක් බවත් එහිදී සේම කැඩී ඒමක් සිදු නොවන බවද පෙන්වා දෙයි. උගුර රිදීම, සෙන්ගෙඩි රිදීම, උගුර කැසීම, උගුර වේලීම, සහ කට ඇතුලේ තුවාල ඇති වීම, දිවේ පැහැය වෙනස් වීම, මුඛ්‍ය සම්පුර්ණයෙන් වේලීම මෙහි ඇති රෝග ලක්ෂණ බව ඔහු සඳහන් කරයි.

එම දවස් තුන දක්වා මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව පවසයි. දවස් තුනේ සිට ඊළඟ දවස් 7 සිට 9 වන දවස දක්වා දෙවන අදියරය ආරම්භ වන බවත් ඒ දෙවෙනි අදියරයේදී රස දැනීම නැති වීම, සුවද දැනීම නැති වීම, ඉක්මණින් තෙහෙට්ටු වීම (ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්,

ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැණිය නොහැකි නම්, ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු, යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්, වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්) , පපුවේ වේදනාව, හුස්ම හිර කිරීම, ඉල ඇටවල වේදනාව (ඇඳුම රෝගීන් මේ දවස්වල කොරෝනා සමඟ පැමිණිය හැක) වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද සඳහන් කරයි.

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now