කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන ගත් තීරණ

vaccination covid 19 pavithra wanniarachchi special task force sudharshani pranandhupulle
By Sewvandhi May 17, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු කොවිඩ් – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද (17) රැස්විණි.

එම රැස්වීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන තීරණ ගෙන ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වන පුද්ගලයින් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථාන වලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල් වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ.

එහිදී ගත් තවත් තීරණ කිහිපයක්:

*දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීම.

*වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට කාර්ය මණ්ඩල යොමුකිරීම.

*දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම.

*කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදුකිරීම.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now