නැවතත් කොවිඩ් ආසාධිතයින් රෝහලෙන් සමාජෙට

covid19 isolated quarantine kaluthara nagoda
By Sewvandhi May 21, 2021 03:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර - නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහලින් පැනගොස් තිබෙනවා.

රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ. ඒ අතර කාන්තාවක්ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වනවිට අලුත් අවුරුදු පොකුරේ කොරෝනා ආසාදිතයන් 56,605 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කොරෝනා ආසාදිතයන් වාර්තාවූයේ දින 35 ක් පමණ කෙටි කාලයක් ඇතුළත වීමද විශේෂත්වයක්.

මීට පෙර මෙරටින් වාර්තා වී ඇති විශාලතම කොරෝනා පොකුර ලෙස වාර්තා වූයේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරයි. එම සංඛ්‍යාව 82,785 ක්. මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 42,247 ක්.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 28,306 ක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයන් 12,707 දෙනෙකු මේ වනවිට වාර්තාවී තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, පුත්තලම, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාදිතයන් 2,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකරන තෙක් නිවසේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට අවශ්‍ය රෝගී සත්කාර සේවා ලබාදීමට අදාළව සකස් කළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ වනවිට යොමුකර තිබෙනවා.

විශේෂ කණ්ඩායමක් මගින් සකස් කළ අදාළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලද වහාම ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now