ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින්ගේ ව්‍යාප්තිය

colombo gampaha kurunegala kaluthara rathnapura
By Sewvandhi May 10, 2021 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගත වූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 755 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම දිස්ත්‍රික්කයේ පිළියන්දල සහ කැස්බෑව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් ආසාදිතයින් 180 දෙනා බැගින් ඊයේ (09) දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයින් 131 දෙනෙකු, හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද ඊයේ ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,312 දෙනෙකි.

මෙරට දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ දිනයේ නව ආසාදිතයින් 2,672 දෙනෙකු හඳුනාගැණුනු අතර දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඊයේ නව ආසාදිතයින් වාර්තා 228 දෙනෙකු හඳුනාගෙන තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 192 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 127 දෙනෙකු, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 118 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 94 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 දෙනෙකු ඊයේ වාර්තා වී ඇති බව සඳහන් වේ.

මේ වන විට මෙරටින් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 125,000 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 801කි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින්ගේ ව්‍යාප්තිය | Covid19 Infections Sri Lanka


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now