ඊයේ දිනයේ රටපුරා කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය

covid19 infections colombo gampaha nuwara eliya
By Sewvandhi May 17, 2021 10:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට දිස්ත්‍රික්ක 25න්ම ඊයේ (16) කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 63 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,275ක් වෙයි.

ඒ අනුව, ඊයේ දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන අතර එම ගණන 438කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 241 දෙනෙකු වාර්තාවීමත් සමඟ බස්නාහිර පළාතේ දෛනික ආසාදිතයින් ගණන 1,089 ක් බව දත්ත අනුව පෙනීයයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී දෛනික ආසාදිතයින් ඉහළ අගයක් ගනු ලැබූ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ ආසාදිතයින් 261 දෙනෙකු වාර්තා වී තිබේ. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 138 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 100 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු ද ඊයේ (16) හඳුනාගෙන තිබුණි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ තවදුරටත් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery