කොවිඩ් රෝගීන් වෙනුවෙන් නව රෝහල් 06 ක්

oxygen covid hospilat jayasundhara bandhara
By Sewvandhi May 08, 2021 03:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් නව රෝහල් 06 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

එම රෝහල් ඉදිකිරීමට අවශ්‍ය පාරිසරික වාර්තා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් ඉල්ලා ඇති බවයි ඔහු සඳහන් කළේ. කොවිඩ් රෝගීන් වෙනුවෙන් අලුතින් ඇඳන් 18,000 ක් සෑදීමට කටයුතු කරන බව ද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවා.

එමෙන්ම දිවයිනේ රෝහල් 32 ක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය තුළ අවසන් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර කොවිඩ් රෝගීන්ට අධිවේගයකින් ඔක්සිජන් සැපයුම සිදු කළ හැකි හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි ඒකක 136 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

නවසීලන්තයේ නිෂ්පාදිත එම උපකරණ ඉන්දියාව හරහා මිලදී ගන්නා බවයි කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.

හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි ඒකකවල වටිනාකම රුපියල් මිලියන 60 කට අධිකයි.

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now