පොසිටිව් වාර්තා විනාශ කර කොරෝනා ව්‍යාප්ත කිරීමේ දැවැන්ත මෙහෙයුමක්

covid 19 quarantine gotabhaya rajapaksha thulhiriya factory corona expansion
By Sewvandhi May 21, 2021 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තුල්හිරිය කම්හලේ පොසිටිව් වාර්තා විනාශ කරලා

පී.සී.ආර් 1200ක් කරන්න දීපු අවසරෙන් 7000ක් කරලා

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් කම්හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව සිදු කර ඇති හෙයින් ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

ඉන්පසු එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇති අතර බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත.

දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now