එක් ප්‍රදේශයකින් දිනකට කොවිඩ් මරණ දෙකක්(VIDEO)

covid19 isolated kesbewa travel restriction piliyandhala
By Sewvandhi May 13, 2021 09:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසා සිටියේ, දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බවය.

එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් පැවසු ඇය, දැඩි අනතුරුදායක තත්ත්වයක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවතින බව කියාසිටියාය.

“දිනෙන් දින අපේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මං හිතන්නේ කැස්බෑව ප්‍රදේශයේ සිංහල අවුරුද්දට කලින් මරණ 4යි ගිය අවුරුද්දේ ඉඳලම වාර්තා වුණේ. මේ සතිය ඇතුළත දිනකට මරණ 2ක් වගේ වාර්තා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ ප්‍රමාණය ඊළඟ සතිය වනවිට තවත් වැඩි වෙන්න පුළුවන්. දැඩි අනතුරුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. රජය සීමාවන් පනවනකල් ඉන්නේ නැතුව තමන්ගැන හිතලා නිවෙස්වලට වෙලා ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න අවශ්‍යම දේ. මොකද එන්නත ලබාගත්තට එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍යයි.“ 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now