විශාල දෛනික මරණ ප්‍රමාණයක් සිදු වෙනවා සත්‍ය වසන් කරනවා(VIDEO)
PHI
suspicious
upul rohana
covid19 deaths
By Sithumi
මෙරට සිදුවන කොරෝනා මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ නියම තොරතුරු නොවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම දත්ත සම්බන්ධයෙන් සැක සහිත බවක් මහජනතාව පළ කරන බවයි. පැහැදිලිවම බිම් මට්ටමේ සිදුවන යම් යම් මරණ පද්ධතිය ඇති දුර්වලතාවයන් නිසා වාර්තා නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
එනිසා කොරෝනා හේතුවෙන් මේ යන සියලුම මරණ නිසි ලෙස මහජනතාවට වාර්තා කරන්නේ නම් ඉතා සුදුසු බව ද ඔහු කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....