පලාත් දෙකක් දැඩි අවධානම් තත්ත්වයක...පරිස්සම් වෙන්න.

Covid Corona Colombo Western provin Wayaba proving
By Aruna Apr 26, 2021 03:05 AM GMT
Report

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1, 01379 දක්වා ඉහළ ගියේ ය.

ඒ, නව ආසාදිතයින් 783 දෙනෙකු , ඊයේ (25) හඳුනා ගැනීමත් සමගයි. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94, 311කි. ආසාදිතයින් 6426 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 644 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි , සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ , ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක හඳුනාගත් කොවිඩ් පොකුරු හේතුවෙන් එම තත්ත්වය මතුව ඇති බවයි.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය අනුව , බස්නාහිර හා වයඹ පළාත් අවදානම් මට්ටමක පවතින බව , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් , මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ , සෙසු පළාත්වල ද ඉදිරියේදී අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb