කොරෝනා එන්නතක් මෙරට අවුරුදු 60 ට වැඩි අයට දෙන්න බැහැලු... හේතුව මෙන්න.

Sputnik vacseen Synofarm
By Aruna May 13, 2021 04:15 AM GMT
Report

ස්පුට්නික් හා සයිනෝ‍ෆාම් කොවිඩ් මර්දන එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට ලබාදීමට නිර්දේශ නොමැති වුවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ස්පුට්නික් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ නොමැති අතර සයිනොෆාම් එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ කර ඇත්තේ අධීක්ෂණ තත්ත්ව යටතේ බව ද වෛද්‍යවරයා සඳහන් ක‍ළේය.

එම කරුණු සළකා අදාළ එන්නත් මෙරට අවුරුදු 60ට වැඩි අයට ලබානොදෙන බවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකිවන බවත් හෙතෙම කීවේය.

ෆයිසර් එන්නත වැඩිහිටියන්ට ඉතා ආරක්‍ෂිත බව ද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now