එන්නත්කරනය කෙටි පණිවිඩ ක්‍රමයකින්

Covid 19 Sri lanka
By Sithumi May 30, 2021 01:34 PM GMT
Sithumi

Sithumi

Report

එන්නත් කරන වැඩ පිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත් කරණය සිදු කිරීම ආරම්බ කරන ලදී. ඒ අනුව සයිනෝෆාම් එන්නත පළමු මාත්‍රාව ලබා දීම සිදු කෙරිණ.

රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත් කරනය ආරම්බ කරමින් 30 දා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් දෙකක් සදහා එන්නත් කරනය සිදු කරන ලදී. ඇඹිලිපිටිය නව නගරය හා ඇඹිලිපිටිය කුඹුගොඩ ආර යන ග්‍රාමනිළධාරී වසම් සදහා එන්නත් කරණය සිදු කරණ ලදී. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේදී හා කුඹුගොඩආර රතනාරාම විහාරස්ථානයේදී 30 හා 31 දෙදින පුරා එන්නත් කරණය සිදු කරණු ඇත.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන දත්ත අනුව නිසි ක්‍රමවේදයකට අනුව එන්නත් ලබන පුද්ගලයන් සහ ඒ අදාල වේලාව ස්ථානය එස්.එම්.එස් පණිවිඩයක් මගින් ලබාදේ. ඒ අනුව තමන් ඡන්දය භාවිතා කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ එන්නත ලබා ගත යුතුව ඇති බව ඇඹිලිපිටිය ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ පරිඝණක තාක්ෂණ නිළධාරී රජීන් ප්‍රසන්න මහතා පවසයි.

ඒ අනුව කිසිදු තදබදයකින් හෝ කිසිදු ගැටලුකාරී තත්වයකින් තොරව එන්නත් කරණය සිදු කිරීමට හැකියාව ලැබේ. 30 දා 31 යන දෙදින හාරදහසකට පමණ මෙම එන්නත් ලබාදෙන බව ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා පවසයි