දිස්ත්‍රික්කය එන්නත් දීමේ ගැටලුවක්

colombo Sri lanka covid 19 Covid vaccsine
By Sithumi Jul 01, 2021 04:38 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ නගරයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසි සැලසුමකට සිදු නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ.

කොළඹ නගරයේ වෙසෙන වයස අවුරුදු 70ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ට කොවිෂීල්ඩ් එන්නතේ දෙ වන මාත්‍රාව ලබාදීම සඳහා ඊයේ කැඳවා තිබූ නමුත් ඔවුන්ට ඉතා දිගු පෝලිම් වල පැය ගණනක් සිටීමට සිදු වූහ. 

 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල අද පැවැති එන්නත් මධ්‍යස්ථානයට ජේෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් ගෙන්වා තිබූ අතර ඔවුන්ට එන්නත ලබා ගැනීමට පැමිණි අනෙකුත් පිරිස් සමඟ ද බොහෝ වේලාවක් ගත කිරීමට සිදු විය. 

 එන්නත ලබා ගැනීමට පැමිණි ජේෂ්ඨ පුරවැසියන් පිරිසක් එන්නත් නොගෙන හිස් අතින් නිවෙස් වලට ගිය අතර තවත් ජේෂ්ඨ පුරවැසියන් පිරිසකට පැය ගණනාවක් රස්තියාදු වීමට ද සිදු විය.

කණ්ඩායම් වශයෙන් ස්ථාන කිහිපයකට කැඳවන්නේ නම් අපහසුතාවයකින් තොරව එන්නත් ලබා ගැනීමට හැකි වන බවද ජේෂ්ඨ පුරවැසියෝ පැවසූහ


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now