එන්නතක් විශවීමෙන් සිදු වූ පළමු මරණය වාර්තා වෙයි!

Newzeland Covid vaccines Covid death World
By Aruna Aug 30, 2021 03:33 PM GMT
Aruna

Aruna

Report

“ෆයිසර්” කොවිඩ් මර්දන එන්නත ලබා ගත් නවසීලන්ත කාන්තාවක් මිය ගොස් තිබෙන බව, එරට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

“ෆයිසර්” එන්නත හා සම්බන්ධව එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන කොවිඩ් එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩල සමාලෝචනයෙන් පසු මෙම මරණය පිළිබඳව නිවේදනය කළද අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය,නම, හෝ වයස ආදී පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් කර නැහැ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය හෘද පේශිවල දැවිල්ලක් සමඟින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇතිකර එමඟින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කෙරෙන “මයිකාඩයිටිස්” නැමති සංකූලතාව නිසා ඇති වූවක් බව නවසීලන්ත වෛද්‍ය මණ්ඩලය සලකනවා.

මෙය “ෆයිසර්” එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha