ප්‍රභල කොරෝනා එන්නතක් ගැන මෙරට ජනතාවට අසුභ ආරංචියක්...සියලු බලාපොරොත්තු බොඳවෙයි.

Sri Lanka Singapore Covid vaccines Tosyli sumab
By Aruna Aug 29, 2021 08:03 AM GMT
Aruna

Aruna

Report

අසාධ්‍ය කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරන එන්නත ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වෙයි කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ, එම එන්නත් ලබාදීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.

තම රටට ද හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමටයි සිංගප්පූරු රජය තීරණය කර ඇත්තේ.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී යන්නේ එම එන්නතට රට තුල දැඩි ඉල්ලුමක් පවතින මොහොතකයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් ද තීරණය කළේ කඩිනමින් එම එන්නත් මෙරටට ගෙන්වීමටයි.

ඒ අනුව ඊයේ දිනයේදී එන්නත් 100ක්, ලබන අගහරුවාදා තවත් එන්නත් 100ක් හා සැප්තැම්බර් මුල් සතියේදී තවත් එන්නත් 600 ක් මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ.

අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ලබා දෙන “ටොසිලි සුමාබ්” නමැති එන්නතට මෙරට තුල දැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම එන්නතට කලුකඩ වෙලදපොලක් ද නිර්මාණය වී ඇති බව නෙත් නිවුස් ඉකුත් බ්‍රහස්පතින්දා පළමු වරට හෙලි කළා.

රුපියල් එක් ලක්ෂ 13,000ක් පමණ වන මෙම එක් එන්නතක් මෙරට කලුකඩ වෙළඳ පොළේ රුපියල් ලක්ෂ 8 ත් 10 ත් අතර මිලකට මේවනවිට අලෙවි වන බවයි එහිදි අනාවරණ කෙරුණේ.

සෞඛ්‍ය බලධාරීන්ට පවා සොයා ගැනීමට නොමැති මෙම එන්නත් මෙරට කලු කඩ වෙළඳ පොළේ ඇත්තේ කෙසේදැයි නෙත් නිවුස් සොයා බැලුවා.

එහිදි හෙළිවුණේ මෙරට ඇතැම් පාර්ශව ඉන්දියාවේ සිටින හිතවතුන් හරහා ගුවන් යානා කපිතාන්වරු මාර්ගයෙන් එම එන්නත් මෙරටට හොර රහසේ ගෙන එන බවයි.

එලෙස රැගෙන ආ එන්නතක් ඉකුත් දිනවල මෙරට ප්‍රකට ව්‍යාපාරයක ඉහළ නිලධාරීයෙකුට ද ලබා දී ඇති බවයි හෙලි වුණේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha