තත්ත්පර 30කින් කොරෝනා හදුනා ගත හැකි නව ක්‍රමයක්...මෙරට විද්‍යාඥවරියක්.
Covid
Sri lanka
Duvini dinushika
Amarica
By Aruna
තත්ත්පර කීපයක් ඇතුළතදී කොවිඩ් වයිරසය හඳුනා ගත හැකි පරීක්ෂාවක් හඳුන්වා දීමට ඇමෙරිකා නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සමාගමක සේවයේ නියුතු මෙරට විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
එම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විද්‍යාඥවරියක වන දුවිනි දිනූෂිකා රාජපක්ෂයි. පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාගැනීමට දින දෙකක පමණ කාලයක් ගතවෙනවා.
නව ක්‍රමය මගින් තත්ත්පර 30කින් ප්‍රතිඵලය ලබාදීමේ හැකියාව පවතිනවා. මෙහිදී සිදුකෙරෙන්නේ බැලුනයක් පිම්බීමෙන් පසු එහි ප්‍රශ්වාස වාතය පරික්ෂා කිරීම යැයි විද්‍යාඥවරිය පැවසුවා.