සියළු ඇදන් පිරී යයි.. කොරෝනා ආසාදිතයන් 4000ක් ගෙවල්වල..

daily Helth covid pations halth ministry
By Sithumi May 08, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

රෝහල්වල සහ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ හාරදහසකට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලම රදවා තැබීමට ඊයේ (07 වැනිදා) පෙරවරුව වන විට සෞඛ්‍ය අංශවලට සිදුව තිබිණි. මෙරට කොරෝනා තෙවැනි රැල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග දිනෙන් දින විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හමුවේ මෙම තත්ත්වය උදා වී ඇත.

මෙරටින් පෙරේදා (06 වැනිදා) රාති‍්‍ර වන විට වාර්තා වූ ආසාදිතයන් පිරිස හා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අනුව තවත් ආසාදිතයන් 17805 දෙනකු රෝහල්ගතව සිටිය යුතු වුවද ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙරේදා සඳහන් කර තිබුණේ ආසාදිතයන් 13043 දෙනකු රෝහල්ගතව සිටින බවකි. ඒ අනුව බැලූව ද රෝහල්ගත නොකර සිටි ආසාදිතයන් පිරිස 4762 කි. මෙම තත්ත්වය අනුව ජාතික වසංගත රෝග විiා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා ස`දහන් කළේ දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ගැටලූ සහගත වී තිබෙන බවකි.

ප‍්‍රතිකාර ලබා දියයුතු ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර එම තත්ත්වය තුළ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඇ`දනුත් යොදාගෙන මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පැවැති ස්ථාන ද ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ඊයේ මාධ්‍යයට සදහන් කළේය. පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොවිඞ් මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් අප කළ විමසීමකදී යම් ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඇය ද සදහන් කළාය.

එහෙත් එය දිගින් දිගටම පවතින දෙයක් නොවන බව ද පැවසූ ඇය රජය මේ වන විට තැනින් තැන ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකරමින් තිබෙන බව ද ආයුර්වේද රෝහල්වල ඇදන් ප‍්‍රමාණය ද ලබාගෙන තිබෙන නිසා කඩිනමින් පවතින ගැටලූව විසදා ගත හැකි බව ද කීවාය. කෙසේ වෙතත් මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය පාලන කර ගැනීමට නම් ජනතාවගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් බව ද කී ඇමැතිවරිය යමෙක් පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර ඇත්නම් නිවසේ රැදී සිටීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් බව ද සදහන් කළාය.

එසේම යම් අයකු වැරදීමකින් හෝ ආසාදිතයකුගේ ආශි‍්‍රතයකු වුවහොත් වහාම ඒ බව ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දන්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස ද ඇමැතිවරිය ඉල්ලා සිටියාය. පවතින වසංගත තත්ත්වය තුළ රට වසා දැමීමේ තීරණයකට එළැඹීමේ සූදානමක් ඇත්දැයි ඇමැතිවරියගෙන් සිදු කළ විමසීමේදී රට වසා දැමීමක් සිදු නොකරන බවත් මේ මොහොතේත් සිදු කරන ආකාරයට ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශ හදුනාගෙන ගම් මට්ටමින් එම ප‍්‍රදේශ හුදකලා කිරීම ඉදිරියටත් සිදුකරන බවත් ඇය වැඩිදුරටත් සදහන් කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now