පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

minister Covid 19 parliment Nuwara eliya
By Sithumi May 19, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. දික්ඔය මුලික රෝහලේ දී අද (19) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ඒ බව තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරයි. 

 මන්ත්‍රීවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මුලික රෝහලෙන් බැහැරව ගිය බව ද වාර්තා වේ.  

මන්ත්‍රීවරයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමුකිරීම සඳහා තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදුන් බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසිය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now