කොවිඩ් ආසාදිත බිළිඳුන් ප්‍රමාණය 100 ට ආසාන්න ප්‍රමාණයක්

covid Helth covid babies
By Sithumi May 07, 2021 12:57 PM GMT
Sithumi

Sithumi

Report

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනෙකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම සියලු බිළිඳුන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට කටයුතු කර ඇති බවය.

ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්වෙමින් කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේ ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය