පැය 24 ක් තුළ මෙරටින් දහස් ගණනින් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සියලු ප්‍රදේශ.

Colombo Galle Gampaha Covid pations Corona arias
By Aruna May 09, 2021 07:49 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ දිස්ත්‍රිකක්ක 23 කින් ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 411ක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 347 දෙනෙකු ඊයේ (08) හඳුනාගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 172 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

නාරාහේන්පිට 60ක්, කොම්පඤ්ඤ වීදියෙන් 15ක්, බොරලැස්ගමුවෙන් 13ක්, හෝමාගම 13ක්, මීගොඩ 15ක්, මිරිහාන 21ක්, මොරටුවේ 31ක්, ගල්කිස්සේ 21ක්, නවගමුවේ 13ක්, පිළියන්දල 43ක්, තලංගම 15ක් හා වැලිකඩින් ආසාදිතයින් 11ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර දිවුලපිටියෙන් 19ක්, කඩවත 14ක්, කටානෙන් 61ක්, කටුනායක 20ක්, මිනුවන්ගොඩ 35ක්, මීගමුවෙන් 41ක්, සීදුවෙන් 14ක් හා වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 64ක් ලෙසත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමින් 36ක්, දොඩන්ගොඩ 14ක්, හොරණ 22ක්, ඉංගිරියෙන් 20ක්, කළුතර උතුර 25ක්, කළුතර දකුණ 18ක්, පයාගල 17ක්, මොරගහහේන 13ක්, පානදුර උතුර 66ක් හා පානදුර දකුණ යන ප්‍රදේශයෙන් ආසාදිතයින් 88ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 1,896ක් වාර්තා වු අතර, පුද්ගලයින් 6 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.

වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය 02 වන දා සිට ගතවූ සතියක කාලය තුළ පමණක් කොවිඩ් මරණ 88ක් සිදුව ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 786කි.

මියගිය පිරිස අතරින් 492 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර 294 දෙනෙකු කාන්තාවන් බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/GFlBr3bpi3pL2kVVljbDxn