නව කොරෝනා රෝගීන් 2000 ඉක්මවූ පිරිසක් හමුවූ ප්‍රදේශ මෙන්න.

Colombo Galle Gampaha Kaluthara Covid potions areas
By Aruna May 18, 2021 08:03 AM GMT
Aruna

Aruna

Report

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 2,456 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 677 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ

බියගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 136 දෙනෙකු,

නිට්ටඹුව 83, වත්තල 58ක්, දිවුලපිටිය 41ක්, කඩවත 72ක්, ජා-ඇල 50ක්, දොම්පේ 25ක්, මිනුවන්ගොඩ 39ක්, මීරිගම 33ක් සහ වැලිවේරිය 20ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී ආසාදිතයින් 320 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

හෝමාගම 35ක්, ගල්කිස්ස 52ක්, මොරටුව 22ක්, අතුරුගිරිය 21ක්, අවිස්සාවේල්ල 15ක්, බොරලැස්ගමුව 25ක් සහ පිළියන්දල 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර

කළුතර දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 315 දෙනෙකු වාර්තා වී ඇත.

කළුතර – දකුණ 55ක්, කළුතර – උතුර 40ක්, හොරණ 36ක්, මොරගහහේන 43ක්, මිල්ලනිය 32ක්, වරකාගොඩ 22ක් සහ පානදුර – දකුණ 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේ ආසාදිතයින් 259 දෙනෙක් වාර්තා වී ඇත.

හබරාදුව 128ක්, ඇල්පිටිය 24ක්, අහංගම 18ක්, පොද්දල සහ යක්කලමුල්ල 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී ආසාදිතයින් 60 දෙනෙක් වාර්තාවී ඇත.

කුරුණෑගල 28ක් සහ මාවතගම 25ක් ලෙස ආසාදිතයින් මෙලෙස වාර්තා වී ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයෙන්

ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 255 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් 254 දෙනෙකු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ අතර මාතර 84ක්, කෑගල්ල 05ක්, බදුල්ල 50ක්, අම්පාර 23ක්, මාතලේ 46ක්, අනුරාධපුර 11ක්, මන්නාරම 05ක්, නුවරඑළිය 25ක්, මහනුවර 34ක්, රතන්පුර 56ක්, පුත්තලම 51ක්, යාපනය 02, කිලිනොච්චිය 17ක්, පොළොන්නරුව 82ක්, හම්බන්තොට 19ක්, මොණරාගල 20ක්, මඩකළපුව 17ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 23ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now