ශ‍්‍රී ලංකාවෙන් නව ප‍්‍රභේදයක්???.. පාලනය කල නොහැකි බවට පුරෝකථනයක්..

Covid Corona Sri Lanka Channa jayasumana
By Aruna May 23, 2021 06:33 AM GMT
Report

 ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන සීඝ්‍රතාවය අනුව මෙරට තුළින්ද නව වෛරස් ප‍්‍රභේදයක් මතු වීමේ වැඩි අවස්ථාවක් ඇති බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

මේ රටෙන් නව වෛරස ප්‍රභේදයක් මතුවුනහොත් ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි තැනට පත් වනු ඇති බව ද ඔහු කියා සිටියි.

කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද එය නිවැරදි නොවන බවත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට වෛරසය සමාජගත වී තිබු බවත් ඒ මහතා පැවසීය.

ඉන්දියානු ප‍්‍රභේදයද මෙරටට ඇතුළු වූ බව අලුත් අවුරුද්දකට සතියකට පමණ පෙර අනතුරු සමඟ වුවද සෞඛ්‍ය බලධාරීන් එය නොපිළිගත් බවද ඔහු සිහිපත් කරයි.

පවතින තත්ත්වය මත ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ කිරීම ඉතා වැදගත් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ආචාර්යවරයා මෙම අදහස් පළ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now