පහසුකම් නැතිව පිරිසක් කොරෝනා වාට්ටුවකින් පිටව යයි...

Kaluthara Covid hospital Corona patients
By Aruna May 21, 2021 06:43 AM GMT
Report

 කළුතර දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස්දෙනෙක් එහි පහසුකම් නොමැති බව පවසමින් නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් සිය ඥාතීන් සමඟ එලෙස පිටව ගොස් ඇති බවටයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එලෙස පිටව ගොස් ඇති බහුතරයක් කාන්තාවන් බවත් ඔවුන්ව නිත්‍යානූකූලව රෝහලෙන් පිටත් කර හැරීමක් සිදුව නොමැති බවත් දකුණු කළුතර පොලීසිය පවසයි.

මේ වන විට ඔවුන් සිය නිවෙස් තුළ ම සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now