60 පැන්න අය උණ, කැස්ස තිබේ නම් මේදේ අනිවා කරන්න.
Covid
Corona
Shavendra Silva
Sri Lanka
By Aruna
වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇතැයි දැනුණු වහාම ඔවුන් ළඟම ඇති රෝහලට හෝ වෛද්‍යවරයකු හමුවට කඩිනමින් යොමු කළ යුතු බව කොවිඩ් කමිටුව පවසයි.
මෙම කමිටුව මේ බව ප්‍රකාශ කරන්නේ දැනට වාර්තා වන කොවිඩ් මරණ අතරින් වයස අවුරුදු හැටට වැඩි පිරිස අවදානම් පුද්ගලයින් ලෙස හඳුනාගැනීම හා රෝග ලක්ෂණ තිබුණද දින කිහිපයක් නිවසේ සිට රෝහල් කරා ගෙන එන රෝගීන් ජීවිතක්ෂයට පත් වීම යන හේතු මතය.
කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |