කොරෝනා එන්නත් ජාවාරමක්... ඔබ දැඩි විමසිල්ලෙන් සිටින්න

Covid Sri Lanka Vaccines Covisheeld
By Aruna May 20, 2021 04:54 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා පාලනය සඳහා මෙරට එන්නත් කරන ලද ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා ගැනීම සඳහා රුපියල් පන්දහසක් ගෙවීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දෙවැනි මාත‍්‍රාව ලබා ගැනීමට රුපියල් 5000 ක මුදලක් ගෙවා ලියාපදිංචි වන්නැයි එක්තරා ආයතනයකින් දැනුම් දී ඇතැයි තම සංගමයට පැමිණිලි ලැබී ඇතැයිද සංගමයේ ලේකම් වෛද්‍ය ඹෙනාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් විශාල පිරිසක් දෙවැනි මාත්‍රාව නොමැතිව බලා සිටියදී එම එන්නත් තොග පිටස්තර ආයතනයකින් මෙසේ මුදලට විකිණීම බරපතළ ප්‍රශ්නයක් යයිද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිණිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කළ බවද ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

කොරෝනා එන්නත් පෞද්ගලික අංශය විසින් ලබා දීමට කිසිදු තීරණයක් හෝ අනුමැතියක් ලබා දී නැති පසුබිමක මෙම එන්නත පුද්ගලික ආයතනයක් මඟින් මුදලට ලබා දෙන්නේ කෙසේදැයි ඒ මහතා තවදුරටත් ප්‍රශ්න කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now