සති 03ක් ඇතුළත මෙරට මහා ව්‍යසනයක්.. වෛද්‍යවරු අනතුරු අඟවයි.

Covid Corona Sri lanka Doctors Ananda wijewickrama
By Aruna May 19, 2021 07:53 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වසංගත තත්ත්වය ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, ඒ අනුව සියලුදෙනා එක්ව වෛරසය මර්දනය කිරීමට කටයුතු කළ යුතු බවය.

එසේ නොමැති නම් මෙය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බව ද පැවසු වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ මොහොතේ අවශ්‍ය පියවර නොගැනීම තුළින් තවත් මාසයකින් හෝ සති තුනකින් අති භයානක තත්ත්වයක් දැකිය හැකි බවත් පැවසීය.

මේ අතර අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසා සිටියේ කොවිඩ් එන්නත් ලබාගත් විගස කිසිවෙකුටත් ඉන් ආරක්ෂාවක් නොලැබෙන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now