හුදකලා ප්‍රදේශයකින් නව ආසාදිතයින් 27ක් හමුවෙයි.. අවදානම් තත්ත්වයක්.(VIDEO)

Covid Corona Hatton Bagawanthalawa
By Aruna May 19, 2021 05:03 AM GMT
Aruna

Aruna

Report

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් නව ආසාදිතයින් 27 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසා සිටියේ, අද දිනයේ ලද පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඒ බව තහවුරු වු බවය.

හුදකලා කර ඇති නෝ(ර්)වුඩ් සෙන් ජොන් ටිලරි, හැටන් ඇන්ෆිල්ඩ්, නෝ(ර්)වුඩ් බිලින්කිබොනි, බටල්ගල, බගවන්තලාව ටින්සින්, චැපල්ටන්, එල්ටොප්ස් යන වතුවලින් එම අසාදිතයන් 27 දෙනා හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

නව අසාදිතයන් 27 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.

මේ අතර, හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමට අයත් බිලින්කිබොනි වතු යායේ බාත්පොඩ් කොටසේ පදිංචි සිව්දරු මවක් කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ටි.මනොමනි නැමති 59 හැවිරිදි මවකි.

මෙ අතර අද දවසේ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now