අද වාර්තා වන්නේ සත්‍ය කොරෝනා රෝගීන් ගණන නොවේ.. දින කිහිපයකට පෙර වාර්තා… සැබෑ තත්වය ඉතා බරපතලයි…

Covid Corona
By Aruna May 03, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

අද වන විට රසායනාගාර වලින් PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීමට සැලකිය යුතු ප්‍රමාදයක් ඇති වන බවත් ඒ අනුව දැනට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව රටේ සත්‍ය රෝගීන් සංඛ්‍යාව නොවන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට රෝගීන් වාර්තා වන්නේ දින හතරකට පෙර ලබාගත් ජීව සාම්පලවල බව ද එය රටේ සිටින සත්‍ය රෝගීන් සංඛ්‍යාව නොවන බවද සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසිය.

ඒ හේතුවෙන් රටේ පවතින සැබෑ තත්වය ගැන අදහසක් ලබාගැනීමට නම් පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

සැබැවින්ම පවතින තත්ත්වය දිනපතා පරීක්ෂණ වලින් පෙන්වන ප්‍රමාණය වඩා භයානක බවත් ඔහු සඳහන් කරයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසින් පිටට නොයන ලෙසද ඉල්ලා සිටින බවත් මෙම බැරෑරුම් අවස්ථාවේ රජය පමණක් නොව ජනතාවද වගකීමෙන් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.

එසේ නොකලහොත් පවතින තත්වය සීමාවෙන් ඔබ්බට යන තැනට රට වැටෙනු ඇතැයි ද ඔහු තව දුරටත් අවධාරණය කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa