ඉදිරි සතිය ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මකයි...සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Covid Corona Sri lanka
By Aruna Apr 22, 2021 06:58 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදාත් සමරාවීර මහතා පවසා ඇත්තේ ඉදිරි සති ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවයි.

කොරෝනා වෛරසය පැතිරීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දුන්නේය.

කොළඹ, ගම්පහා, යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල වෛරසය පැතිරීම සැලකිය යුතු ය.