ඉදිරි දින කිහිපය දැඩි අවධානම් තත්ත්වයක්..මුඛ ආවරණ අනිවාර්ය කෙරේ -ශවේන්ද්‍ර සිල්වා.

Covid Sri lanka Shavendra silva
By Aruna Apr 20, 2021 05:09 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් ඉදිරි දිනවලදී ඉන්දියාවේ වත්මන් තත්ත්වය මෙන් බරපතළ වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් කොළඹ යාපනය ත්‍රිකුණාමලය පුත්තලම දිස්ත්‍රික්ක දැඩි අවදානමක් පවතින බවයි.

අද වන විට දෛනික සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව පහල දමා ඇතත් එම ප්‍රමාණය 10,000 දක්වා හෝ වර්ධනය කළ යුතු බවත් ඇහඹු පරීක්‍ෂණ ඉහල දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙති.

ගත වූ අලූත් අවුරුදු සමයේ මහජන හැසිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකිමින් සිදුවූ නිසා කොරෝනා ඉහළ ව්‍යාප්තියක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බවද ඔහු පැවසීය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි මාසවල මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි. මුව ආවරණ නොමැතිව නිවසෙන් පිටතට නොඑන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙ​තෙක් වාර්තා වූ ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වුවත් දැනට ඇතිවන තත්ත්වය මත එක්වරම රෝගී ප්‍රමාණය වැඩි වුනොත් රට විවෘතව තැබීම පවා අවදානම් විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.