රෝහල්වල කොරෝනා ආරක්ෂිත ඇදුම්වල හිඟයක් - නව කොරෝනා රෝගීන් හමුවේ ප්‍රදේශ මෙන්න.
ඊයේ (19) දිනයේදී පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31දෙනෙකු හඳුනාගෙන ඇත.
පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 130කින් මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය. මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන්ද නව කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ අද (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර් පරීක්ෂණ 2,050ක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.
මේ අතර රටපුරා රෝහල්වල කොරෝනා ආරක්ෂිත ඇදුම්වල හිඟයක් මතුව ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් එස්.පී මැදිවත්ත මහතා සඳහන් කළේ කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වලට බාධා එල්ල වී ඇති බවය.