කොරෝනා ආසාදිත පාසල් සිසුන් ගණන ඉහළ යයි.

Covid Corona Hatton Educations
By Aruna Apr 22, 2021 04:40 AM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් ආසාදිත එකම පවුලේ පාසල් සිසුන් දෙදෙනකු හමු විමත් සමග එම සිසුන් ඉගෙනුම ලැබු පංතිවල සිසුන් 122ක් පමන ස්වයං නිරෝධානයට ලක් කර ඇති අතර එක් ප්‍රාථමික විදුහලක 01 සිට 04 දක්වා පංති වසා දැමිමට පියවර ගෙන තිබේ.

මේ පිලිබදව කරුනු දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය රෝහලේ හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය විමත් සමග එම සිසුන් දෙදෙනා ඉගෙනුම ලැබු හැටන් ප්‍රදේශයේ විදුහලක 06 ශ්‍රේණි පංති 03ක් හා හැටන් ප්‍රාථමික විදුහලක 02වන ශ්‍රේණි පංති වල සිසුන් 88ක් නිරෝධානයට ලක් කිරිමට මුලින් පියවර ගත් බවත්ය.

මෙම පාසල් සිසුන්ගේ තවත් සහෝදරයකු එම ප්‍රාථමික විදුහලේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් එම සිසුවාගේ ඇන්ටජින් පරික්ෂන මත ඔහු කොවිඩ් ආසාදිතයකු නොවන බවට හදුනාගෙන තිබුනද එම පංතිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ආරක්ෂාව සදහා එම පංතිවල සිසුන්ද ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත් මෙම තත්වයන් මත එම විදුහල් දෙකේ සිසුන් 122 මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදාල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය පවසන ලද්දේ මෙම විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හමුවිමත් සමග විදුහලේ 02හා 04 පංතිවල සිසුන් නිරෝධානයට ලක් කිරිමත් සමග එම පංති දින 14ක් වසා දැමිමට පියවර ගත් බවත් එම තත්වයන් මත අන් සිසුන්ගේද ආරක්ෂාව සදහා විදුහලේ 01 හා 03 ශ්‍රේණිවල සිසුන්ටද ලබන 27 දින දක්වා නිවාඩු ලබා දිමට පියවර ගත් බවත්ය.

ReeCha